මේ ශාකය දුටුවා ද?
මේත් ආක්‍රමණශීලී විභවයක් තියන එකක්.
ලංකාවට ආවේ විසිතුරු ශාකයක් ලෙස සුපුරුදු විදිහටම,
මුල් මගින් පැල ඇති වෙනවා,
මේකත් හැමෝම ගෙවල් වල හදාගන්න උත්සහ කරනවා.
(අපෙ ගෙදරත් ඇතුළුව, ඒත් දැන් අපි මේක අයින් කරල තියන්නෙ)
මේක දැනටමත් පිට රටවල් වල ආක්‍රමණික ශාකයක් කියල නම් කරල තියන්නෙ,
තවම අපේ කැලෑ වල සුළබ නෑ,
ඒත් කැලෑවකට ගියොත් ලොකු හානියක්,
ඒ නිසා ඔබ මේ ගහක් දැක්කොත් දැනුවත් කරන්න එහි අයිතිකාරයෝ.
ලස්සන වුනත් මේක භයානක වෙන්න පුළුවන්.
නම :
Philippines Fireworks, Star-burst
Philippines Fireworks, Star-burst
Clerodendrum quadriloculare
වැලන්ටයින් ගස්
කුලය:
Verbenaceae පින්න කුලය
නිජබිම:
අප්‍රිකාව සහ ආසියානු පැසිෆික් කලාපය









